අප්‍රේල් 07 ලාංකිකයින්ගේ සෙවණැල්ල අතුරුදන් (වීඩියෝ)

කොළඹට සූර්යයා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවණැල්ල අතුරුදන් ව යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා,

“ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ටි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්යය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යයා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යයා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවණැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.“

“අපේ රට ඇතුළට සූර්යයා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ – කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම – මහියංගණය ආදි ප්‍රදේශවලට සූර්යයා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යයා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.“

  1. ඉර මුදුන්වීම ආරම්භ වෙන්නෙ දෙවුන්දර තුඩුවෙන්. රටෙන් ඉවත් වෙන්නෙ පේදුරු තුඩුවෙන් විය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39