ලංකාවේ හැදූ ටින් මාළු ප්‍රථමවරට රට යවයි

මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශීය රටකට අපනයනය කිරීමට ඊයේ (29) සිදු වුණා.

පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු මෙලෙස අපනයන කිරීමට අරඹා තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෙම ටින් මාළු අපනයන කරනු ලබනවා.

මෙම ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29) දින එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුනේ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ගේ ප්‍රධාන්තවයෙන්.

මාසයකට ටින් මාළු බහලුම් දෙකක් අපනයන කිරීම මෙම කර්මාන්ත ශාලාවේ අරමුණ වී ඇති අතර, මෙමඟින් මේ වසර තුළ ඩොලර් මිලියන 08ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
65
+1
2
+1
35
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?