Empty Ad
AFC Banner
Empty Ad

ට්‍රාන්ස්ෆෝමර්වල තඹ කම්බි කැපූ අයෙක් අත්අඩංගුවට

හාලිඇල – බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති වෝල්ට් 33000 අධි වෝල්ටිය ට්‍රාන්ස්ෆෝමරයේ සිට භූමියට සම්බන්ධ තඹ කම්බිය කපමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (29) අලුයම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ස්ෆෝමර 06ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13ක් කවර දෙකක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා තිබෙනවා.

මොවුන් විසින් දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි සොරකම් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
<p>?</p>