ට්‍රාන්ස්ෆෝමර්වල තඹ කම්බි කැපූ අයෙක් අත්අඩංගුවට

හාලිඇල – බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති වෝල්ට් 33000 අධි වෝල්ටිය ට්‍රාන්ස්ෆෝමරයේ සිට භූමියට සම්බන්ධ තඹ කම්බිය කපමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (29) අලුයම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ස්ෆෝමර 06ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13ක් කවර දෙකක දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා තිබෙනවා.

මොවුන් විසින් දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි සොරකම් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33