රට වටා සිදු වූ අනතුරු කිහිපයකින් තිදෙනෙකු මරුට

ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිත අහිමි වුණා.

ඉන් එක් අනතුරක් ඊයේ (26) උදෑසන කාලයේ දී කොට්ටාව පොලිස් වසමේ හෝකන්දර මාර්ගයේ මොරගහකන්ද පල්ලම ප්‍රදේශයේ දී නර්සිම් හෝම් හන්දිය දෙස සිට විද්‍යාල හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

එම අනතුරින් තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කළ ද මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57ක් වූ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේ කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට ගලිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන නිවසක බිත්තියක ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත් ව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කොස්ගම පොලිස් වසමේ අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවීමෙන්, අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මරණකාරිය වයස අවුරුදු 46 ක් වූ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?