රට වටා සිදු වූ අනතුරු කිහිපයකින් තිදෙනෙකු මරුට

ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිත අහිමි වුණා.

ඉන් එක් අනතුරක් ඊයේ (26) උදෑසන කාලයේ දී කොට්ටාව පොලිස් වසමේ හෝකන්දර මාර්ගයේ මොරගහකන්ද පල්ලම ප්‍රදේශයේ දී නර්සිම් හෝම් හන්දිය දෙස සිට විද්‍යාල හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

එම අනතුරින් තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කළ ද මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57ක් වූ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේ කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට ගලිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන නිවසක බිත්තියක ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත් ව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කොස්ගම පොලිස් වසමේ අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවීමෙන්, අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මරණකාරිය වයස අවුරුදු 46 ක් වූ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21