ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පසුගිය 17 වනදා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අද (25) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 32ක ග්‍රෑන්ඩ්පාස්, වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම සිද්ධියට මීට පෙර සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා.