Empty Ad
AFC Banner
Empty Ad

මහැදුරු ගණනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

මහැදුරු ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 95 හැවිරිදි වියෙහි පසුවුණා.

වර්ෂ 1930 පෙබරවාරි මස 02 වැනි දින උපත ලැබූ ගණනාථ ඔබේසේකර යනු මානව විද්‍යාව පිළිබඳ ව සම්මානිත මහාචාර්‍යයවරයෙක්.

මහාචාර්ය ඔබේසේකර 1955 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව උදෙසා ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් අතර 1958 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.

1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගත් අතර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට පෙර ඔහු ලංකා විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල ද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදු කළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ගණනාථ මහතා ” දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල” ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද අධ්‍යයන අතර වනවා.

Guggenheim Fellowship for Social Sciences, US & Canada” ආදී සම්මාන රැසකින් ද ගණනාථ ඔබේසේකර මහැදුරුතුමන් පිදුම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13
Video thumbnail
අප්‍රේල් 04 සුබ නැකතට පොහොට්ටුව කරන්න යන වැඩේ
02:43
Video thumbnail
දුමින්ද හුලංගමුව මීලග මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට ?
18:08

?