පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූ විත්තිකාරිණියක් රටින් පැනලා – අධිකරණයෙන් CID දැඩි දෝස්මුරයක්

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විත්තිකරුවන් බවට පත් කර සිටින මුස්ලිම් අන්තවාදීන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පනවා ඇති නඩුවේ පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකාරිණියට ලබන ජූලි මස 02 වැනි දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට තම අධිකරණය හමුවේ සිතාසි නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (24) නියෝග කළා.

එම නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකාරිණිය ලෙස නම්කර තිබූ විත්තිකරුවන්ගේ නිවසේ ගෘහ සේවිකාව ලෙස සේවය කළ තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ නොදන්වා විදෙස් රැකියාවකට ගොස් ඇති බවත්, සිව්වැනි පැමිණිලිකාරිණිය ද විදෙස්ගත වීමේ අවදානමක් පවතින බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට කරුණු දක්වමින් පැවසූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පෙර කී දෙවැනි සාක්ෂිකාරිණිය විදෙස්ගත වීමට අදාළ ව ආගමන – විගමන දෙපාර්තමෙන්තුවෙන් ලබාගත් ලේඛන අද දිනය තුළ වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විනිසුරු මාරසිංහ මහතා නියෝග කළා.

එම සැකකාරිණිය විදෙස්ගත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට මින් පෙර දැනුම්දීමට කටයුතු කිරීමට තිබූ බවත්, අහසින් කඩා වැටුණු පිරිසක් මෙන් අධිකරණය හමුවට නොපැමිණෙන ලෙසත් නඩුවට අදාළ කටයුතු නිසි ක්‍රමවේදයට අනුව සිදු කරන ලෙසත් මාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සහරාන් හෂීම් ප්‍රමුඛ පාස්කු බෝම්බකරුවන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු තිබියදීත් ඒ බව පොලිසියට නොදන්වා කරුණු වසන් කිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කර මොහොමඩ් ඊබ්‍රහීම් ඇතුළු ඔහුගේ පුතුන් දෙදෙනකුට නීතිපති නඩු පවරා තිබුණා.

එම නඩුවේ පළමු විත්තිකරු ලෙස සැලකෙන මොහොමඩ් ඊබ්‍රහීම් අද අධිකරණය හමුවේ රෝද පුටුවක ආධාරයෙන් පෙනී සිටියා.

කෙසේනමුත් නඩු විභාගයට පෙනී සිටීමට තරම් සුදුසුම් මට්ටමක එම විත්තිකරු නොසිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර ඊට කිසිදු විරුද්ධත්වයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නොපෑ නිසා නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56