Empty Ad
AFC Banner
Empty Ad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයෙක් උණ්ඩ සමඟ අල්ලයි

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයෙක් ටී-56 සහ එල්.ඒම්.ජී ස්වයංක්‍රීය අවිවලට යොදන උණ්ඩ සන්තයකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බොරැල්ල ඕවල්ඩ් ක්‍රීඩාංගන අසල සිටිය දී ලද තොරතුරකට අනුව බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු සන්තකයේ තිබී ටී-56 උණ්ඩ දෙකක් හමුව ඇති අතර, සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ නිවසේ තිබී තවත් ටී-56 උණ්ඩ 07 සහ එල්.එම්.ජී වර්ගයේ උණ්ඩයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කිසියම් සංවිධානාත්මක කල්ලියක් සමඟ සම්බන්ධතා පවත්වන්නෙක් ද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?