කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කරගෙන තරුණයෙක් දිවි නසාගෙන

සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි තරුණයෙක් කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කිරීමෙන් සියදිවි නසාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පීඩා විඳ ඇති මෙම තරුණයා මුම්බායි හි කුලියට රැඳී සිටි නිවස තුළ දී මෙලෙස සියදිවි නසාගෙන ඇත් බවයි වාර්තා වන්නේ.

සෙනසුරාදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු පසු, බැංගලෝරයේ පදිංචි ඔහුගේ සහෝදරිය මුම්බායි පොලිසියට විද්‍යුත් තැපෑලක් යොමුකර තම සහෝදරයා පිළිබඳව සොයාබලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

අනතුරුව ඔහු රැඳී සිටි නිවසට පැමිණ ඇති මුම්බායි පොලිසියට දැකගත හැකිව ඇත්තේ දොරේ අලවා තිබූ පණිවුඩයක්.

“ඇතුළත කාබන් මොනොක්සයිඩ්, විදුලි පහන් දල්වන්න එපා” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීමක් එහි සඳහන් කර තිබූ බව සඳහන්.

පසුව පොලිස් නිලධාරීන් නිවස තුළට ඇතුළු වී පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයාගේ මළ සිරුර සොයෙන ඇති අතර, එහිදී කාබන් මොනොක්සයිඩ් සිලින්ඩරයකට සම්බන්ධ ආශ්වාස ආවරණයක් ඔහු පැළඳ සිටි ඇති බවයි දැකගන්නට ලැබී ඇත්තේ.

නිවස තුළින් කාබන් මොනොක්සයිඩ් කාන්දු වීම වැළැක්වීම සඳහා වඩු කාර්මිකයෙකුගේ සහාය ඇතිව ජනෙල් සීල්කර වසා දමා ඇති බවයි හෙළිව ඇත්තේ.

“මෙම රෝගයන්ට ප්‍රතිකාරයක් නොමැති අතර පසුගිය වසර 1.5 ක කාලය තුළ එය වේගවත් වී තිබෙනවා. මම දුසිම් ගනනක් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා, එත් කිසිවෙකුට උදව් කිරීමට නොහැකි වුණා. මෙම රෝගීය තත්වයන් මාව ඉතා දුක්ඛිත තත්වයකට පත් කර තිබෙනවා. මම මගේ රැකියාව අහිමි වීමේ අද්දර සිටින්නේ. මේ තත්ත්වයෙන් මට නැවත කිසිදා වැඩ කිරීමට සහ උපයා ගැනීමට සහ හොඳ ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු සියදිවි නසා ගැනීමට පෙර ලියා තිබූ සටහනක සඳහන් ව තිබූ බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18