තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුව ද ජාතික ජනබල ආණ්ඩුව විසින් ගෙන ආ මෙවර ඇයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ වනවිට ගල් අරක්කු බෝතලයකින් රුපියල් 2780ක මුදලක් බදු වශයෙන් රජයට අයකරන බවයි.
එමෙන්ම වෙළඳපොලේ විකිණීමට ඇති ගල් අරක්කුවලින් බහුතරයක් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද ඒවා බවත්, ඒවායින් විශාල බදු මුදලක් රජයට අහිමි වී යන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ තුළින් රජයට ආදායම අහිමිව යනවා සේම මහජනතාවට ගල් අරක්කු කියා කසිප්පු බිමට සිදුව ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා.