ගල් අරක්කුවලින් බහුතරයක් ෆේක් – මන්ත්‍රී රෝහිත

තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුව ද ජාතික ජනබල ආණ්ඩුව විසින් ගෙන ආ මෙවර ඇයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ වනවිට ගල් අරක්කු බෝතලයකින් රුපියල් 2780ක මුදලක් බදු වශයෙන් රජයට අයකරන බවයි.

එමෙන්ම වෙළඳපොලේ විකිණීමට ඇති ගල් අරක්කුවලින් බහුතරයක් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද ඒවා බවත්, ඒවායින් විශාල බදු මුදලක් රජයට අහිමි වී යන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ තුළින් රජයට ආදායම අහිමිව යනවා සේම මහජනතාවට ගල් අරක්කු කියා කසිප්පු බිම‍ට සිදුව ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19