Empty Ad
AFC Banner
Empty Ad

යහපත් දේශපාලනික සංස්කෘතියකට මහා සංඝරත්නයේ මගපෙන්වීම අත්‍යවශ්‍යයි – කතානායක

ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩා යහපත් දේශපාලන ස‍ංස්කෘතියක් කරා පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ මග පෙන්වීම අත්‍යවශ්‍ය බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

කතානායකවරයා මේ අදහස් පළ කළේ; මත්තක – පොද්දිවෙල ශ්‍රී සුමනශෛලාරාම පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාචාර්‍යය ශාස්ත්‍රපති අතිගෞරවණීය පුජ්‍යපාද යටලමත්තේ මංගල නාහිමිපාණාන් වෙත කීර්ති ශ්‍රී පඤ්ඤාලෝක ගෞරව නාමය සහිතව බෙන්තර වලල්ලාවිට කෝරළයේ හා ගාලුවැල්ලබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ප්‍රදානය කිරිමේ සහ පිළිගැනිමේ උත්සවයට එක්වෙමින්.

එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ ජයසුන්දර, නිශාන්ත පෙරේරා සහ සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්
ද සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?