ඔන්මැක්ස් වංචනිකයින්ගේ ඉල්ලීමක් අධිකරණය ඉවතලයි

තැන්පත්කරුවන්ගෙන් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් එම තර්ජන වැළැක්වීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා “ඔන් මැක්ස් ඩීටී” නමැති නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (18) ප්‍රතික්ෂේප කළා.

එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් නීතිඥවරයකු මගින් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් අධිකරණයෙන් එසේ ප්‍රතික්ෂේප කෙරුණු බවයි වාර්තා වන්නේ.

අධිකරණ නඩු කටයුතු සඳහා පැමිණි ඇතැම් අවස්ථාවන්හිදී අධිකරණය ඉදිරිපිට රැඳී සිටින තැන්පත්කරුවන් තමන්ට පහර දී ඇති බවත් ඉදිරි නඩු වාරයන් සඳහා පැමිණෙන අවස්ථාවන්හි දී ද තමන්ට එවැනි ම ආකාරයේ තර්ජන එල්ලවීමට ඉඩ ඇති බැවින් තමන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසට සිය නීතිඥවරයා මගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් දොළොස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම සැකකරුවන් තැන්පත්කරුවන් දහස් ගණනක් සතු බිලියන ගණනක් වංචා සහගතව ලබාගෙන සුඛෝපභෝගී වාහන ඉඩම් ඇතුළු දේපළ රැසක් මිල දී ගෙන ඇතිි බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණා.

එසේ මිල දී ගෙන ඇති දේපළ රැසක් මේ වන විට අධිකරණ නියෝග මත තහනම් කර ඇති අතර සිද්ධියෙන් පසුව විදෙස්ගතව සැඟව සිටින සැකකාර අධ්‍යක්ෂකවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14