ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීම් කළ ලැයිස්තුවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමත් ඇතුළත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මසකට රුපියල් ලක්ෂ එකහමාරක්, පෙට්‍රල් ලීටර් 200ක්, ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයක් ලබාදීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇති බව ද මන්ත්‍රීවරයා මෙලෙස අනාවරණය කළා.
ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් සිදුකරනු ලබන ජඩ වැඩ වසාගැනීම සඳහා මෙලෙස පොලිස්පතිවරයාට අල්ලස් ලබා දී ඇති බවයි පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ වෙනුවෙන් අපරාධ යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු මෙහිදී පවසා සිටියා.