2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ (17) ආරම්භ වුණා.
ඒ අනුව ඊයේ (17) දිනයේ පිළිගත් දේශපාලන පක්ෂ 06ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිනපතා පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරනවා.
නාමයෝජනා භාරදීමේ අවසාන දිනය එළඹෙන 20 වන දින දහවල් 12.00ට අවසන් වන අතර , ඇප තැන්පත් කිරීම හෙට (19) දහවල් 12.00 අවසන් වනවා.
මේ අතර පළාත් පාලන ආයතන 336ක් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
2025 පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ලබන 20 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.