නාමයෝජනා භාර ගැනීමේ දෙවන දිනය අද – ඇප මුදල් භාරගැනීම හෙටින් අවසන්

2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ (17) ආරම්භ වුණා.

ඒ අනුව ඊයේ (17) දිනයේ පිළිගත් දේශපාලන පක්ෂ 06ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිනපතා පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරනවා.

නාමයෝජනා භාරදීමේ අවසාන දිනය එළඹෙන 20 වන දින දහවල් 12.00ට අවසන් වන අතර , ඇප තැන්පත් කිරීම හෙට (19) දහවල් 12.00 අවසන් වනවා.

මේ අතර පළාත් පාලන ආයතන 336ක් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

2025 පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ලබන 20 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23