Empty Ad
AFC Banner
Empty Ad

ඉහකුළුවැව රක්ෂිතයෙන් හමු වූ තනි දළයාගේ සිරුර ‘යුනිකෝන්ගේ’ දැයි සැකයක්

පොළොන්නරුව – දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව 41 රක්ෂිතයේ මියගොස් සිටි තනි දළයක් සහිත ඇතෙකුගේ මළසිරුරක් සොයාගැනීමට හැකි ව තිබෙනවා.

අද (17) දහවල් මෙම සද්දන්තයාගේ සිරුර ප්‍රදේශවාසියෙකු දැක ඒ ගැන දියබෙදුම පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන සිය නිජබිම ලෙස තබා ගනිමින් සැරිසැරූ ‘ යුනිකෝර්න්’ නමැති ඇතෙකු බවට සැක කෙරෙන බව ද ගිරිතලේ වනජීවී නිලධාරීන් පවසනවා.

40 හැවිරිදි වියෙහි බවට සැක කෙරෙන මෙම ඇතාගේ දකුණු දළය අඩි 04කට ආසන්න අතර උසින් අඩි 8.5ක්.

මෙම ඇතාට වෙඩි තබා ඝාතනය කළේ ද නැතහොත් ස්වාභාවික මරණයක් දැයි සොයා ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?