කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

තරුණයෙකු කළ අමානුෂික ක්‍රියාව CCTV-වලින් එළියට එයි

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණෙනවා.ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව පසුපස අසුනේ කුලී ගමනක යමින් සිටි දෙදෙනාගෙන් ත්‍රිරෝද රථ රියදුරා රුපියල් සියයක් ඉල්ලා ඇත්තේ ඉන්ධන සඳහා මුදල් ගෙවීමටයි.

මෙහිදී පසුපස අසුනේ සිටි දෙදෙනා අත මුදල් නොමැති බව පවසා තිබෙනවා.

එහිදී තිරෝද රථ රියදුරු එම දෙදෙනාට රථයෙන් බසින්නට කියා එම ඉන්ධන පිරවුම්හලෙන් පිටව යන්නේ එම රථයේ පැමිණි වයෝවෘධ පුද්ගලයා රථයෙන් බැසීමටත් පෙරයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එහි සිදුවූ දේ පිරවුම්හලේ CCTV කැමරාවල සටහන්ව තිබුනා.

පිරවුම්හලේ ඇදවැටෙන මෙම වයෝවෘධ පුද්ගලයා එහි කෙළවරකට ඔහු සමඟ පැමිණි තරුණයා ඇදගෙන යනුයේ ඔහුගේ මිනිසත්කම ප්‍රශ්නාර්ථයකට නගමින්.

එළෙස පිරවුම්හලේ කෙලවරක අතහැර දමා යන මෙම අසරණ වයෝවෘධ පුද්ගලයා නැගී සිටින්නට උත්සහ කෙරුවත් ගතේ සවිය ඊට අවකාශ සලසන්නේ නැහැ.

සුළු මොහොතකින් ඔහු රැඳී සිටි ස්ථානයේම අප්‍රාණික වන්නේ ජීවිතයේ අනියත බව මොනවට පසක් කරමින්.

මේ පුද්ගලයා පිළිබඳව ඔහු සමඟ පැමිණි ත්‍රිරෝද රථ රියදුරා හෝ අනෙක් පුද්ගලයා පිළිබඳවත් මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවයි මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මොරටුව පොලිස් ස්ථානයෙන් සිදුකළ විමසීමකදී දැනගන්නට ලැබුනේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය මගින් සිදුකරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14