කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

තරුණයෙකු කළ අමානුෂික ක්‍රියාව CCTV-වලින් එළියට එයි

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණෙනවා.ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව පසුපස අසුනේ කුලී ගමනක යමින් සිටි දෙදෙනාගෙන් ත්‍රිරෝද රථ රියදුරා රුපියල් සියයක් ඉල්ලා ඇත්තේ ඉන්ධන සඳහා මුදල් ගෙවීමටයි.

මෙහිදී පසුපස අසුනේ සිටි දෙදෙනා අත මුදල් නොමැති බව පවසා තිබෙනවා.

එහිදී තිරෝද රථ රියදුරු එම දෙදෙනාට රථයෙන් බසින්නට කියා එම ඉන්ධන පිරවුම්හලෙන් පිටව යන්නේ එම රථයේ පැමිණි වයෝවෘධ පුද්ගලයා රථයෙන් බැසීමටත් පෙරයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එහි සිදුවූ දේ පිරවුම්හලේ CCTV කැමරාවල සටහන්ව තිබුනා.

පිරවුම්හලේ ඇදවැටෙන මෙම වයෝවෘධ පුද්ගලයා එහි කෙළවරකට ඔහු සමඟ පැමිණි තරුණයා ඇදගෙන යනුයේ ඔහුගේ මිනිසත්කම ප්‍රශ්නාර්ථයකට නගමින්.

එළෙස පිරවුම්හලේ කෙලවරක අතහැර දමා යන මෙම අසරණ වයෝවෘධ පුද්ගලයා නැගී සිටින්නට උත්සහ කෙරුවත් ගතේ සවිය ඊට අවකාශ සලසන්නේ නැහැ.

සුළු මොහොතකින් ඔහු රැඳී සිටි ස්ථානයේම අප්‍රාණික වන්නේ ජීවිතයේ අනියත බව මොනවට පසක් කරමින්.

මේ පුද්ගලයා පිළිබඳව ඔහු සමඟ පැමිණි ත්‍රිරෝද රථ රියදුරා හෝ අනෙක් පුද්ගලයා පිළිබඳවත් මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවයි මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මොරටුව පොලිස් ස්ථානයෙන් සිදුකළ විමසීමකදී දැනගන්නට ලැබුනේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය මගින් සිදුකරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?