හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රකෝපකාරීව හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවන බවට ලෙස මීට පෙර දැන්වීම්කර තිබූ ගායන ශිල්පින් දෙදෙනෙක් ඊට නොපැමිණීමත් සමඟ ප්‍රේක්ෂකයින් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබෙනවා.
එලෙස ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයින් වේදිකාවට, සංගීත භාණ්ඩවලට ඇතුළු දේපළවලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටර් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇති අතර, ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.
සංගීත ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින්ට රුපියල් 1,000 සහ රුපියල් 2,500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත් නිකුත් කර තිබෙනවා.
මේ අතර ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ රාජකාරියේ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට එම නිලධාරීන්ට හැකි වී නැහැ.