හිඟුරක්ගොඩ සංගීතෙක කාලගෝට්ටියක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රකෝපකාරීව හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවන බවට ලෙස මීට පෙර දැන්වීම්කර තිබූ ගායන ශිල්පින් දෙදෙනෙක් ඊට නොපැමිණීමත් සමඟ ප්‍රේක්ෂකයින් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබෙනවා.

එලෙස ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයින් වේදිකාවට, සංගීත භාණ්ඩවලට ඇතුළු දේපළවලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටර් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇති අතර, ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

සංගීත ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින්ට රුපියල් 1,000 සහ රුපියල් 2,500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත් නිකුත් කර තිබෙනවා.

මේ අතර ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ රාජකාරියේ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට එම නිලධාරීන්ට හැකි වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56