දිල්ලි කැපිටල්ස් නායකත්වය අක්සාර් පටෙල්ට – කණ්ඩායම් 05කට නව නායකයින්

2025 අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

ඔහු 2019 සිට දිල්ලි කණ්ඩායම සමඟ සිටින අතර; පසුගිය නොවැම්බර් මාසයේ පැවති මෙගා වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 16.5ක් වෙන්කරමින් ඔහුව රඳවා ගැනීමට එම කණ්ඩායම කටයුතු කළා.

ඔහුගේ නායකත්ව අත්දැකීම් පුළුල් නොවූවත්, මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කරනු ලැබුවා.

31 හැවිරිදි අක්සාර් පටෙල් පසුගිය වසරේ දී එක් අවස්ථාවක දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.

ඒ, එම කණ්ඩායමේ නායකත්වය දැරූ රිෂාබ් පාන්ට් තරග තහනමක ලක්වීම හේතුවෙන්.

2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවති මෙගා වෙන්දේසියේ දී දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රිෂාබ් පාන්ට් වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කරනු ලැබුවා.

ඒ, අනුව පාන්ට්ව මිල දී ගත් ලක්නව් කණ්ඩායම ඔහුව එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි කටයුතු කළේ.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කණ්ඩායම් පහක් සඳහා නව නායකයින් පත්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, පන්ජාබ් කිංග්ස්, දිල්ලි කපිටල්ස්, ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් වෙනුවෙන් මෙලෙස නව නායකයින් තොරා පත්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32