දිල්ලි කැපිටල්ස් නායකත්වය අක්සාර් පටෙල්ට – කණ්ඩායම් 05කට නව නායකයින්

2025 අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

ඔහු 2019 සිට දිල්ලි කණ්ඩායම සමඟ සිටින අතර; පසුගිය නොවැම්බර් මාසයේ පැවති මෙගා වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 16.5ක් වෙන්කරමින් ඔහුව රඳවා ගැනීමට එම කණ්ඩායම කටයුතු කළා.

ඔහුගේ නායකත්ව අත්දැකීම් පුළුල් නොවූවත්, මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කරනු ලැබුවා.

31 හැවිරිදි අක්සාර් පටෙල් පසුගිය වසරේ දී එක් අවස්ථාවක දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.

ඒ, එම කණ්ඩායමේ නායකත්වය දැරූ රිෂාබ් පාන්ට් තරග තහනමක ලක්වීම හේතුවෙන්.

2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවති මෙගා වෙන්දේසියේ දී දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රිෂාබ් පාන්ට් වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කරනු ලැබුවා.

ඒ, අනුව පාන්ට්ව මිල දී ගත් ලක්නව් කණ්ඩායම ඔහුව එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි කටයුතු කළේ.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කණ්ඩායම් පහක් සඳහා නව නායකයින් පත්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, පන්ජාබ් කිංග්ස්, දිල්ලි කපිටල්ස්, ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් වෙනුවෙන් මෙලෙස නව නායකයින් තොරා පත්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?