ක්‍රිකට් ලොක්කන් සහ ඇමති හඳුන් අතර විශේෂ හමුවක් (ඡායාරූප)

මාතර – පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අලුත්වැඩියා නොකළ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය කඩිනමින් අලුත්වැඩියාව ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.

482273690 1190099775814411 6214891270203343473 n
484241851 1190099735814415 3134058888678925149 n
484036548 1190099702481085 8841261930529284548 n
484104981 1190099662481089 6980405766378744787 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46