වෛද්‍යවරිය කෙළෙසූ පාපතරයාගේ නිවසේ පාත්තරයක අත් බෝම්බයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට දූෂණය කළ සැකකරු පදිංචිව සිටි නිවසේ ගමන් මල්ලක තිබූ පාත්තරයක සඟවා තිබිය දී පොලිසිය විසින් ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරිගේ ජංගම දුරකථනය සෙවීම සඳහා ඔහු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (13) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙනු ලැබුවා.

සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා බවට සැක කෙරෙන පුද්ගලයෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් සැකකරු විසින් දූෂණය කර ඇයගේ ජංගම දුරකථනය ද පැහැර ගෙන පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?