සිරිපා කරුණා කරන්න මත්ද්‍රව්‍ය රැගෙන ආ 14ක් කොටුවෙයි

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ (12) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසුවා.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට හැටන් දුම්රිය ස්ථානය ඇතුළු ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගවල මෙහෙයුම් දියත් කළ බවත්, එම මෙහෙයුමේ දී සැකපිට මොවුන් ව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය ප්‍රකාශ කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සැකපිට අත්අඩංගුවට ගත් 14 දෙනා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවුරුදු 25-35 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් ව හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර 2024 -2025 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වූ 2024 උඳුවප් පොහෝ දින සිට 2025 මැදින් පෝ දින දක්වා හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්, අයිස්, කුෂ්, නීතිවිරෝධි දුම්වැටි ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 393 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් පැමිණ වූ බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් බොහොමයක් බස්නාහිර පළාත තුළ වෙසෙන්නන් බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?