සිරිපා කරුණා කරන්න මත්ද්‍රව්‍ය රැගෙන ආ 14ක් කොටුවෙයි

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ (12) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසුවා.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට හැටන් දුම්රිය ස්ථානය ඇතුළු ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගවල මෙහෙයුම් දියත් කළ බවත්, එම මෙහෙයුමේ දී සැකපිට මොවුන් ව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය ප්‍රකාශ කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

සැකපිට අත්අඩංගුවට ගත් 14 දෙනා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවුරුදු 25-35 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් ව හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර 2024 -2025 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වූ 2024 උඳුවප් පොහෝ දින සිට 2025 මැදින් පෝ දින දක්වා හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්, අයිස්, කුෂ්, නීතිවිරෝධි දුම්වැටි ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 393 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් පැමිණ වූ බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් බොහොමයක් බස්නාහිර පළාත තුළ වෙසෙන්නන් බව ද පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42