වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරුට සහාය දුන් දෙදෙනකු අත්අඩංගුවට – අද වර්ජනය නැවතුණත් අනුරාධපුර තවදුරටත් වර්ජිතයි

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කළ සැකකාර පුද්ගලයාට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුට නීතියෙන් සැඟව සිටීමට උපකාර කර ඇත්තේ ඔහුගේ ම සහෝදරියක් සහ තවත් අයෙකු බවයි.

එම සැකකරුවන් ඊයේ (12) රාත්‍රියේ දී ගල්නෑව – නිදිකුම්බායාය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනුණා.

පොලිසිය පැවසුවේ සැකකරු විසින් වෛද්‍යවරිය බිය ගැන්වීමට භාවිත කරන ලද පිහිය සොයාගැනුණ ද ඇය සතුව තිබී සොරකම් කරගෙන ගිය දූරකථනය මෙතෙක් හමු වී නැති බවයි.

කෙසේනමුත් සැකකරු විසින් වෛද්‍යවරියට අකටයුතුකම් කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දූරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට‍යි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ වෛද්‍යවරියට අකටයුතුකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු සිදුවීම සිදුවන දිනයේ දී වෙනත් වරදකට රක්ෂිත බන්ධනාගාරගත ව සිට අධිකරණයෙන් ඇප ලැබී එය අවසන් ව නැවත නිවස කරා යන ගමනේ දී වෛද්‍යවරිය ව දුටු බව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකරු ඊයේ (12) දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

එබැවින් හදිසි ප්‍රතිකාර සේවා, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල හැරුණුකොට සෙසු සියලු ම රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීම් පවා ඇනහිටියා.

මේ තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත ආ ජනතාව පත් වූයේ ද දැඩි අපහසුතාවකටයි.

කෙසේවෙතත් ඊයේ පෙරවරු 10 පමණ වන විට සැකකරු අත් අඩංගුවට ගැනුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ අද (13) පෙරවරු 08 වන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

නමුත් අද පෙරවරු 08ට දීප ව්‍යාප්ත වර්ජනය අවසන් කෙරුණ ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අඛණ්ඩ ව සිදු කෙරෙනවා.

ඒ සිය වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට බල කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?