Empty Ad
AFC Banner
Empty Ad

වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරු ඇල්ලීමට නොහැකි වුණොත් දීප ව්‍යාප්ත වර්ජනයක්? (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවීම් ලබමින් සිටි වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක්වීමේ ඛේදනීය සිදුවීමට සම්බන්ධ සැකකරු හෙට (12) පෙරවරු 08 වන විට අත්අඩංගුවට නොගතහොත් උතුරුමැද පළාත පුරා ම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ මේ වනවිට ද දිවයිනේ දුෂ්කර පළාත්වල පවා පහසුකම් රහිත ව සිය සේවාව සපයන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව ඇත්තේ ද දැඩි අනාරක්ෂිත තත්ත්වයක බවයි.

එබැවින් වහාම හෙට පෙරවරුව වන විට හඳුනාගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මෙම ඛේදනීය සිදුවීමට මුහුණපා ඇත්තේ 32 හැවිරිදි වියෙහි පසුවන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි වෛද්‍යවරියක්.

ඇය සිය රාජකාරි කාලසීමාව නිමා කර රෝහල් පරිශ්‍රයේම අනෙක් අන්තයේ පිහිටි විශේෂඥ වෛද්‍යවරියන්ගේ නිල නිවාස පිහිටි කොටසට ගොස් ඇත්තේ ඊයේ (10) පස්වරු 06.30ත් 07ත් අතර කාලයේ දියි.

ඇය සිය නිල කාමරයේ දොර විවෘත කරන විට ඇයගේ පසුපසින් පැමිණි අපරාධකරු ඇයගේ මුව වසා ගෙළට තියුණු ආයුධයක් තබා බියගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇය ලවා ම නිවාසයේ දොර ඇරවාගෙන ඇති සැකකරු ඇයගේ දෑස්, අත් පා බැඳ, මුඛය ද ගැට ගසා අමානුෂික අයුරින් වධ හිංසනයට ලක් කර ලිංගික අතවර සිදු කර තිබෙනවා.

පසුව සැකකරු වෛද්‍යවරියගේ දූරකථනය ද රැගෙන පලා ගොස් ඇති අතර ටික වේලාවකින් වෛද්‍යවරිය යළිත් සිය නිල නිවාසයේ ප්‍රධාන දූරකථනය වෙත පැමිණ සිය පියාට දූරකථන ඇමතුමක් ගෙන මුහුණපෑ සිදුවීම පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අපරාධය සිදු කළ අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් මෙහෙයුම් අරඹා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් අද උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය සේවා හැර බාහිර රෝගී අංශය වැනි සෙසු සේවාවල වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගීන් ද දැඩි අපහසුතාවකට ලක් ව සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?