Empty Ad
AFC Banner
Empty Ad

ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්වූ බවයි.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මත්පැන් හා දුම්කොළ කර්මාන්ත විධිමත්ව නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යනුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍ර‍මිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම සහතික කිරීම හා ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවල ඵලදායී තීරණ ගැනීමේ හා කළමනාකරණ ක්‍රමවේදයක් මගින් ආදායම් එකතු කිරීම හා ආදායම් සුරක්ෂිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ද, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් රට තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ?
07:46
Video thumbnail
මාලිමාව කෙඳිරි ගෑවෙන්නම වැඩේ දෙයි - කඩුවෙල නගරාධිපති අපේක්ෂකයා මමයි
09:00
Video thumbnail
ආනුරාධපුර රෝහලේ ජරමරේ - අහිංසක මිනිස්සු - නන්නත්තාරයි
03:22
Video thumbnail
සැර යෝෂිත සර් වෙනුවෙන් ළමයි පෙරට - නපුරු සර් තවමත් නිදැල්ලේ
01:00
Video thumbnail
සැර යෝෂිත සර් වෙනුවෙන් ළමයි පෙරට - නපුරු සර් තවමත් නිදැල්ලේ
07:46
Video thumbnail
දේශබන්දුට එරෙහිව පොලිස් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්
06:32

?