රිජ්වේ රෝහලේ කළ වකුගඩු සැත්කමෙන් මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය ගැන නියෝගයක්

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවාගේ මිය යාමට අදාළ මරණ පරීක්ෂණයේ නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (11) ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදු වී ඇති බවයි.

ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදු වී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විභාගයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා, අදාළ සැත්කම සිදුකළ බව කියන වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුළු වෛද්‍යවරු පිරිසක් ද සාක්ෂි ලබා දුන්නා.

අදාළ සැත්කම සිදු කළ බව කියන නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබූ අතර එම සාක්ෂි සටහන් වලට පෙර නඩු දිනයේ දී විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා විසින් අත්සන් කරනු ලැබුවා.

මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබාදුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කිරීමෙන් අනතුරුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාශය කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණා.

එම දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මේ වන විට ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින අතර ඔහු පෙර නඩු දිනයක දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රකාශය ලබා දී තිබුණා.

වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂිය ඔස්ට්‍රෙලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයක දී නියෝග කළා.

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයක දී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවට ද හානි සිදුවීමෙන් මෙම මියයාම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ කොටහේන ප්‍රදේශයේ පදිංචි මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58