පාසලක් කැඩූ හොරු සොයා විමර්ශන ඇරඹෙයි

කළුතර – නාගොඩ, ගල්ලස්ස ප්‍රාථමික විද්‍යාලයට ඊයේ (09) රාත්‍රී කාලයේ රිංගූ පුද්ගලයෙකු එහි පන්ති කාමර තුනක තිබූ වටිනා රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් ගලවාගෙන ගොස් ඇති බවට කළුතර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පාසලෙන් තවත් භාණ්ඩ සොරාගෙන ඇති දැයි කළුතර දකුණ පොලීසියේ වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිස් කොට්ඨාසය ඇඟිලි සලකුණු කිරීමේ අංශය සමගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?