බාල සහෝදරයාව මරලා වැඩිමහල් සහෝදරයා පලා ගිහින්

ඇලපාත පොලිස් වසමේ අළුපත්ගල ප්‍රදේශයේ දී බහින් බස් වීමක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 23ක තරුණයෙක්.

මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සිදුකළ වැඩිමහල් සොහොයුරා වන සැකකරු මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී ඇති අතර; සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?