Empty Ad
AFC Banner
Empty Ad

පාකිස්තානයේ බෝම්බ පිපිරීමක්

වයඹදිග පකිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහන දෙකක් පළමුව කඳවුරේ තාප්පයේ ගැටීමට සලස්වා පිපුරුවා හැර ඇතැයි වාර්තා වනවා.

ඉන් පසු තවත් ප්‍රහාරකයින් කණ්ඩායමක් කඳවුරට ඇතුලු වී වෙඩි තැබීමක් කර තිබෙනවා.

එහිදී හමුදාව එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් තුවක්කුරුවන් 8 දෙනෙක් මිය ගියා.

මිය ගිය පිරිස අතර දරුවන් සිව්දෙනෙක් ද සිටිනවා.

පිපිරීමෙන් අසල නිවාස හ දේවස්ථානයකට ද හානි වූ අතර රාමසාන් උපවාසය අවසන් කිරීමේ යාඥා මෙහෙයක් සිදු වන අතරතුර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර දේවස්ථානයේ කඩා වැටුණු වහළට යට වූ බැතිමතුන් ද වනවා.

පකිස්ථානු තලේබාන් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.

ඉරිදා ආරම්භ වූ රාමසාන් උපවාස සමය තුළ පාකිස්තානයේ සිදු වූ තුන්වන සටන්කාමී ප්‍රහාරය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ජයතිස්ස කාවින්දට හාන්සි වෙන්නම දෙසයි - "ඒක කරේ මම තමයි"
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් වැඩේට බහියි - කයිවාරු ගහන අයට බඩුම තමයි
02:46
Video thumbnail
මඩකලපුව උණුසුම් කළ පිහි ඇ#මේ සිද්ධියේ සැකකරු දැඩි පොලිස් ආර්ක්ෂාව මැදරක්ෂිත බන්ධනාගාරයට
01:20
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:41
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
00:59
Video thumbnail
නලින්ද ජයතිස්සට හොඳටම ඇමතූ - වෛද්‍ය චමල් සංජීව
07:51
Video thumbnail
මැදිරිගිරිය මහින්ද ජාතික පාසලේ ලොකු වලියක් - දෙමව්පියෝ - ඩෙගා නටයි...
03:36
Video thumbnail
දියතලාවට ලොකු හරක් කරදයක් - බලධාරීන් කෝ - තවමත් බුදිද ?
03:44
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වගකීම මතක් කරපු ජනපති
00:56

?