පාකිස්තානයේ බෝම්බ පිපිරීමක්

වයඹදිග පකිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහන දෙකක් පළමුව කඳවුරේ තාප්පයේ ගැටීමට සලස්වා පිපුරුවා හැර ඇතැයි වාර්තා වනවා.

ඉන් පසු තවත් ප්‍රහාරකයින් කණ්ඩායමක් කඳවුරට ඇතුලු වී වෙඩි තැබීමක් කර තිබෙනවා.

එහිදී හමුදාව එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් තුවක්කුරුවන් 8 දෙනෙක් මිය ගියා.

මිය ගිය පිරිස අතර දරුවන් සිව්දෙනෙක් ද සිටිනවා.

පිපිරීමෙන් අසල නිවාස හ දේවස්ථානයකට ද හානි වූ අතර රාමසාන් උපවාසය අවසන් කිරීමේ යාඥා මෙහෙයක් සිදු වන අතරතුර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර දේවස්ථානයේ කඩා වැටුණු වහළට යට වූ බැතිමතුන් ද වනවා.

පකිස්ථානු තලේබාන් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.

ඉරිදා ආරම්භ වූ රාමසාන් උපවාස සමය තුළ පාකිස්තානයේ සිදු වූ තුන්වන සටන්කාමී ප්‍රහාරය මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12