Empty Ad
AFC Banner
Empty Ad

ඥානසාර හාමුදුරුවෝ අදත් උසාවිය හමුවට

2014 වසරේ දී බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි, අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළ ව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 03 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (05) නියෝග කළා.

එම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙනී සිටියා.

කොම්පඤ්ඤවීදියේ පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?