උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ගේ නඩුවේ තීන්දුව අප්‍රේල් මුල

උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් තම පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පුද්ගලික ලේකම්වරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන අප්‍රෙල් මස 02 වන දින නිකුත් කරන බව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (05) ප්‍රකාශ කළා.

නඩුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස තීන්දුව නිකුත් කරන බවට විනිසුරුවරයා නිවේදනය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2012 හා 2014 කාලය අතරතුර එස්. එම්. රංජිත් සමරකෝන් යන අය උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වරයා ලෙස කටයුතු කරමින් පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාව වැටුප සමග ලබා දී තිබියදි ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් 2,680,528.10ක්(රුපියල් 26 ලක්ෂයකට අධික මුදලක් ) ලබාගැනිම, එසේ ලබාගැනිමට රජයේ නිලධාරින් පෙලඹවිම ඇතුළු අල්ලස් පනෙත් දූෂණය නම් වරද සිදු කිරීම යන අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව අල්ලස් කොමිසම මගින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01