ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු ඇමති ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ආරම්භ කෙරුණා.
අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියා.
2004 දී සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොමැති බව හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනම සිය නාමය ඩයනා ගමගේ ලෙස ඇතුළත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දෙමින් රජයේ නිලධාරීන් නොමග යැවීමට උත්සාහ දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1