පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය මැතිවරන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.
අද (05) දහවල් එම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 05ක මේ වනවිට අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර සහ රත්නපුර යි.
මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිසිවක් තවමත් ඇප මුදල් තැන්පත් කර නොමැති අතර එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඇත්තේ එකක් පමණි.
එමෙන්ම පළාත් පාලන ආයතන 12ක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 05ක් ඇප තැන්පත් කර තිබෙනවා.
ඇප තැන්පත් කිරීම මාර්තු මස 03 වැනි දින පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා.
පහතින් දැක්වෙන්නේ මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති ලැයිස්තුවයි.