Empty Ad
AFC Banner
Empty Ad

ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ සහ ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අනුමැතිය

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මගින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා වන මුල් මූල්‍යකරණය අමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, එම ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබාගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය සඳහා මුල් මූල්‍යකරණය යටතේ ලබා ගෙන ඇති ණය මුදල සහ ප්‍රදානය සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම පිණිස ඒවායේ වලංගු කාලසීමාව තවත් වර්ෂයකින් දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බවයි රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

ඒ අනුව, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල් ණය හා ප්‍රදානයෙහි වලංගු කාලසීමාව 2025‑11‑30 දින දක්වාත්, ණය මුදල ගිණුම් පියවා අවසන් කිරීමේ දිනය 2026‑05‑31 දින දක්වාත් දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?