ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ සහ ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අනුමැතිය

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මගින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා වන මුල් මූල්‍යකරණය අමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, එම ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබාගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය සඳහා මුල් මූල්‍යකරණය යටතේ ලබා ගෙන ඇති ණය මුදල සහ ප්‍රදානය සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම පිණිස ඒවායේ වලංගු කාලසීමාව තවත් වර්ෂයකින් දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බවයි රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

ඒ අනුව, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල් ණය හා ප්‍රදානයෙහි වලංගු කාලසීමාව 2025‑11‑30 දින දක්වාත්, ණය මුදල ගිණුම් පියවා අවසන් කිරීමේ දිනය 2026‑05‑31 දින දක්වාත් දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29