ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට ලකුණු 265ක ඉලක්කයක්

ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වුණු අතර මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඔස්ට්‍රෙලියාවෙන් ලකුණු 265ක ඉලක්කයක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ස්මිත් පළමුව පිතිකරණය ඇරඹි අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 264ක් ලබා ගත්තා.

මුල් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් ක්‍රමයෙන් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ගොඩනැගූ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 73ක් ලබා සිටියදී මොහොමඩ් ශමිගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පන්දු රැකීමේදී මෙන් ම පිතිකරණයෙන් ද කවදත් දස්කම් පානා ඇලෙක්ස් කේරී දුවද්දී දැවී යාමකට හසුවන විට ඔහුගෙන් ඔස්ට්‍රෙලියානු ලකුණු පුවරුවට එක්ව තිබූ ලකුණු සංඛ්‍යාව 61ක්

ට්‍රවිස් හෙඩ් ලකුණු 39 යි.

මාර්නස් ලබුශේන්ග් ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මොහොමඩ් ශාමි කඩුලු 03ක් බිඳ හෙලුවා.

වරුන් චක්‍රවර්තී සහ ජඩේජා එක් ව කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් හර්දික් පාණ්ඩ්‍යා සහ අක්සාර් පටෙල් ඉදිරියෙන් ලියැවුණා.

ඒ අනුව මාර්තු 09 වැනි දින පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම බවට පත්වීමේ භාග්‍යය උදා කරගැනීමට නම් ඉන්දියාව ලකුණු 265ක් ලබාගත යුතු වනවා.

තරගය පැවැත්වෙන්නේ ඩුබායි හි දී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?