වෛද්‍යවරු නැතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වර්ජනයේ (වීඩියෝ)

පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව අනිද්දා(06) පෙරවරු 08ට සිය වර්ජනය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

එම සංගමයේ සම – කැඳවුම්කරු වන චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනය 24 පැයක වර්ජනයක් බවත් අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්‍යා ළමා රෝහල, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් විශේෂ රෝගී සේවාවන් ලෙස සලකා එම අංශවල සේවාවන් වර්ජනයට එක් කර නොගන්නා බවයි.

රෝගීන් පීඩාවට පත් කිරීමට අකමැති බවත් හැකි තාක් ඔවුන්ට පීඩනයක් නොදෙන අයුරින් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරන බව ද ඔවුන් පවසනවා.

සිය වැටුප් පිළිබඳ චක්‍රලේඛ ගැසට්ටුව පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ ද, හෙතෙම එම සාකච්ඡාමය අවස්ථාවල දී එහි ගැටලුවක් ඇති බවට පිළිගත්ත ද එය බාහිර ව අදහස් දැක්වීමේ දී ප්‍රකාශ නොකරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන් චෝදනා කරන්නේ.

තම නිලධාරීන් මුහුණපා ඇති ගැටලු කිසිවෙකු අවබෝධ නොකරගැනීම හේතුවෙන් මෙවැනි වර්ජන සිදු කිරීමට සිදු වන බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ පවතින වැටුප් විෂමතා අවසන් වන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

එය එසේ නොවන්නේ නම් දිවයින පුරා ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම් කටයුතුවලින් ඉවත් ව මාර්තු 06 සිට 08 වැනි දින දක්වා සෞඛ්‍ය වෘත්තිකයින් සිය සේවාවලින් ඉවත් වන බවටයි දැනුම්දී ඇත්තේ.

සෞඛ්‍ය සේවකයින් තෘප්තිමත් නොකර පුනරුද යුගයකට ගමන් කළ නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22