රජයේ නීති සම්පාදන වැඩසටහන යටතේ එන නව පනත් මෙන්න

2025 වර්ෂය තුළ දී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් අලුතින් හඳුන්වාදීමට අපේක්ෂිත පහත සඳහන් නීති සහ සංශෝධන හඳුන්වාදීමට අපේක්ෂිත දැනට බලාත්මක නීති රජයේ නීති සම්පාදන වැඩසටහන – 2025ට ඇතුළත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව හඳුන්වා දීමට අපේක්ෂිත නව නීති;

  • ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත
  • ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතන පනත
  • චීන ‑ ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ හා ආදර්ශන මධ්‍යස්ථානය නීතිගත කිරීම සඳහා වන පනත
  • 2018 අංක 23 දරන බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ද ඇතුළත් කරමින් සහාධිපත්‍ය දේපළ සඳහා පහසුකම් සැලසීම පිණිස වන නව පනත

සංශෝධන හඳුන්වා දිය යුතු දැනට පවතින නීති;

  • 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත
  • 1974 අංක 2 දරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩල පනත
  • 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත
  • 1979 අංක 17 දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත
  • 2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත
  • 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත
  • 2021 අංක 13 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත
  • 1973 අංක 11 දරන බද්ධ නිවාස අයිතිවාසිකම් පනත
  • 1973 අංක 10 දරන පොදු පහසුකම් මණ්ඩල පනත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51