රිය අනතුරු දෙකකින් දරුවෙකු ඇතුළු දෙදෙනකු මරුට

ගෙවුණු පැය 24 තුළ සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (03) දහවල් එක් රිය අනතුරක් සිදු වූයේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ දී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවීමෙන්.

බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

මියගිය දරුවා, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට හෙළි ව තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ, මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ බෑංකඩ හන්දිය අසල දී පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පදික මාරුව හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වාර්තා කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි සිරිමැදුර පාර, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?