රිය අනතුරු දෙකකින් දරුවෙකු ඇතුළු දෙදෙනකු මරුට

ගෙවුණු පැය 24 තුළ සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (03) දහවල් එක් රිය අනතුරක් සිදු වූයේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ දී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවීමෙන්.

බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

මියගිය දරුවා, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට හෙළි ව තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ, මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ බෑංකඩ හන්දිය අසල දී පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පදික මාරුව හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වාර්තා කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි සිරිමැදුර පාර, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03