ඉන්දියාවේ පිහිටුවන ලද ප්‍රථම ලෝක සාම මධ්‍යස්ථානය හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණා.
හිටපු ජනාධිපති කෝවින්ද් පැවසුවේ ලෝකයේ සාමය සහ සහජීවනය ඇති කිරීමට ලෝක සාම මධ්‍යස්ථානය කටයුතු කරන බවයි.
ගුරුග්‍රාම් හි පිහිටි මෙම මධ්‍යස්ථානයේ හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක ආගම් පාර්ලිමේන්තුවේ ද ඇසෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
ලෝක සාම මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අධ්‍යාත්මික සහ සමාජ සේවයේ ‘මහකුම්භයක්’ වන අතර, මෙතැන් සිට ලෝක සාමයේ සහ සහජීවනයේ අසිරිමත් අනාගතය වේගවත් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.
මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෛන ආචාර්ය ලෝකේෂ් පැවසුවේ වර්තමාන ලෝකය ප්‍රචණ්ඩත්වය, යුද්ධය, පරිසර දූෂණය සහ අසමානතාව වැනි ගැටළු සමඟ පොරබදමින් සිටින කාලයක ලෝක සාම මධ්‍යස්ථානය පිහිටුවීම සමාජයේ දිශානතිය සහ තත්ත්වය වෙනස් කිරීමට දායක වනු ඇති බවයි.