තෙල් බෙදුම්කරුවන්ගේ වර්ජනය අවසන් – සේවය යළිත් සක්‍රීයයි

අද (03) පස්වරුවේ සිට යළිත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය කරන ඉන්ධන ඇනවුම් භාරගැනීමට හා ඒවා බෙදා හැරීම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්.එස්.එස්. ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව සඳහන් කළා.

පෙරේදා (01) දිනයේ සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ වූවා.

ඒ ඉන්ධන බෙදාහරින්නන් එම ක්‍රියාවලියෙන් ඉවත් වීමයි.

කැබිනට් සාකච්ඡාවක දී රජය විසින් ඔවුන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණා.

තම සංගමයේ ගැටලු දන්වමින් විශේෂ සංදේශයක් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්‍යය සනත් නන්දික කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබූ බවයි ඔවුන් සඳහන් කළේ.

එහිදී ජනාධිපති ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ මෙම ගැටලු පිළිබඳ ව ජනාධිපතිවරයා සමග කඩිනමින් සාකච්ඡා කර සුදුසු තීරණයක් ලබාදෙන බවයි.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායමට විශේෂ සාකච්ඡාවකට ද හෙට (04) දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ලබාදෙනු ලැබූ බව ද ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්.එස්.එස්. ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

එබැවින් පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොකර සෑම පිරවුම් හලකට ම අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අද පස්වරුවේ සිට අවස්ථාව යළිත් හිමිවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13