වැඩි මිලට බෙහෙත් විකුණලා; කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට පැනවූ නඩුවක තීන්දුව අප්‍රේල් 03

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ දී මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව අප්‍රේල් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දැනුම් දුන්නා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේ දී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස තීරණය කළාය.

මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

නුගේගොඩ – හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමිට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබුණා.

ජාතික ඖධෂ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු ජනවාරී මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් ජනවාරී මස 17 වැනිදා මෝසමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනමෙන් පසු ඔහුට රුපියල් 25,000ක දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව අප්‍රේල් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර පෙනී සිටි අතර අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් උදාර විජේසිංහ සමඟ නීතීඥ රංජිත් හීල්ලගේ පෙනී සිටියා.

විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?