වැඩි මිලට බෙහෙත් විකුණලා; කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට පැනවූ නඩුවක තීන්දුව අප්‍රේල් 03

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ දී මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව අප්‍රේල් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දැනුම් දුන්නා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේ දී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස තීරණය කළාය.

මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

නුගේගොඩ – හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමිට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබුණා.

ජාතික ඖධෂ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු ජනවාරී මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් ජනවාරී මස 17 වැනිදා මෝසමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනමෙන් පසු ඔහුට රුපියල් 25,000ක දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව අප්‍රේල් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර පෙනී සිටි අතර අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් උදාර විජේසිංහ සමඟ නීතීඥ රංජිත් හීල්ලගේ පෙනී සිටියා.

විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50